ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කෙරේ

ජූලි 29, 2021

    ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය අද (29) කොළඹ දී විවෘත කර තිබේ

    ඒ ජනාධිපති උපදේශක, ලලිත් වීරතුංග මහතාගේ සහ තවත් නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙනි.

    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වැඩපිළිවෙල ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ජනතාවට නිවරදි තොරතුරු ලබා දීම එහි අරමුණයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය ස්ථාපිත කර ඇත්තේ ජනාධිපති මාධ්‍ය අංශ පරිශ්‍රයෙහි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය පැහැදිලි ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් පිළිබඳව සඳහන්. ජනතාවට දේශපාලන ආර්ථික හා සමාජ තීරණ ගැනීමට නිවැරදි තොරතුරු ලබා දීම පිළිබඳව එහි ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව යමින් සියලු අමාත්‍යාංශය හා අනෙකුත් රාජ්‍ය ආයතන සම්බන්ධීකරණයෙන් රාජ්‍ය රජයේ වැඩපිළිවෙළ පිළිබඳ තොරතුරු ලබා දෙන මධ්‍යස්ථානයක් ලෙස ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය කටයුතු කරනු ඇත. එහි පැවැත්වෙන මාධ්‍ය හමු සඳහා විදෙස් විදෙස් මාධ්‍යවේදීන් ද සහභාගි විය හැකි අතර ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබාදී තිබෙනවා.

    Latest News