නෞකාව තවදුරටත් නාවික හමුදා ආරක්‍ෂාව යටතේ....

ජූලි 21, 2021

    වෙරළ සංරක්‍ෂණ හා පහත්බිම් සංරක්‍ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කෙරුණු මොහාන් ද සිල්වා මහතා අද එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ පාරිසරික හානිය පිළිබඳ සොයා බැලීය.

    ඒ ඔහුගේ නව අමාත්‍ය ධූරයේ ප්‍රථම රාජකාරිය ලෙසයි. ඉකුත් මැයි මස ඇති වූ ගින්නෙන් විනාශ වී ගිලි ගිය නෞකාව තවදුරටත් එම ස්ථානයේම නාවික හමුදා ආරක්‍ෂාව යටතේ පවතී. නෞකා අනතුරෙන් සිදුවූ පාරිසරික හානිය සහ ඇති වී තිබෙන ගැටලුකාරි තත්වයන්වලට කෙටි, මධ්‍ය හා දීර්ඝ කාලීනව විසඳුම් ලබාදීම සඳහා විවිධ ආයතන ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මෙහිදී අවධානය යොමු වී තිබේ.

    නෞකා අනතුර හේතුවෙන් තවදුරටත් වෙරළ තීරයට සිදුවිය හැකි හානි වළක්වා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සහය ලබාගැනීමට ද අපේක්‍ෂිතයි. නෞකාවේ ගින්නෙන් විපතට පත් ධීවර ප්‍රජාවට මූලික අදියරේ වන්දි ප්‍රදානයක් රත්මලානේදී ඊයේ සිදු කෙරිණ. ඒ කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන්.

    කොළඹ, තිඹිරිගස්යාය, රත්මලාන, දෙහිවල සහ මොරටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල දෙදහසකට වැඩි ධීවර ප්‍රජාවක් වන්දි සඳහා සුදුසුකම් ලබා තිබේ.

    Latest News