කැළණිය, බොල්ලෑගල ප්රදේශයේ සිදුවී ඇති මෙම ඝාතනයට එම ප්රදේශයේම පදිංචි එස්. ඒ. රූපසිංහ නැමැති 57 හැවිරි තිදරු පියෙකුට මෙම දඬුවම නියම වී ඇත.
2000 ජනවාරි මස විසිදෙවැනිදා කැලණිය, බොල්ලෑගල ප්රදේශයේ ඇති වූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ජයන්ත මදනායක නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරනු ලැබීය.
ඉන් එක් විත්තිකරුවෙකු නිදොස් කොට නිදහස් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්රන් අනෙක් විත්තිකරු වරදකරු කොට මෙම තීන්දුව ප්රකාශයට පත් කළේය.