ජාතික සඳුන් උයන අද ජනතා අයිතියට

ජූලි 20, 2021

    බත්තරමුල්ල ජාතික සඳුන් උයන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කෙරේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රට හරිත කලාපයක් බවට පත් කිරීමේ වැඩපිළිවෙල යටතේ ජාතික සඳුන් උයන ඉදිකර තිබේ.

    බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර ජාතික සදුන් උයන අක්කර නවයකින් සමන්විතයි. නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙම සදුන් උයන සදහා වැයකළ මුදල රුපියල් මිලියන 294 ක්. අති දුර්ලභ වටිනා රත් හදුන් ශාක තුන්සියයක් සහ සුදු හදුන් ශාක නවසියක් ජාතික සදුන් උයනට ඇතුළත්.

    පසේ තෙතමනය රදවා ගැනීම සහ පැලවලට අවශ්‍ය ජලය ලබා ගැනීම සදහා මුගුණුවැන්න පැල වගා කර තිබේ. වෙනස්ම ආකාරයේ පරිසර හිතමිතුරු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන ජාතික සදුන් උයනට ඇතුලු විය යුත්තේ විශාල ජල පොකුණු දෙකක් මැදින්. ඒ මැදින් තැනූ උස් වේදිකාවක ප්‍රවේශ මාර්ගය පිහිටා තිබේ. එම මග දෙපස මදක් ඉහලින් බැද ඇති බිත්ති අටකින් ඇද හැලෙන ජල ධාරා දිය ඇල්ලක සිරිය මවනවා.

    දෙපස වර්ණවත් වන්නේ මල්ගොමු දෙකකින්. විවිධ රටා මවන ස්වයංක්‍රීය වතුර මල් රැසක් එහි පිහිටුවා තිබෙනවා. පොකුණු දොලහකින් යුත් ප්‍ර දේශයක් ඇති අතර  එළි මහන් රංග පීඨය අතිත රංග පීඨවල සිරිය මවයි. ජාතික සදුන් උයන ව්‍යායාම, යෝග හා භාවනා වැඩසටහන් සදහාද සුදුසු පරිසරයකින්ද සමන්විතයි. සදුන් උයනට පැමිණෙන්නන් සදහා වාහන හැටක් නැවැත්විය හැකි විවෘත රථ ගාලක් සනීපාරක්ෂක පහසුකම් හා අවන්හල්ද වෙයි.

    ජාතික සදුන් උයනේ ව්‍යාපෘති සැලසුම් වාස්තු විද්‍යානුකූලව නිර්මාණ කටයුතු ව්‍යාපෘති කලමනාකරණය හා මූල්‍ය දායකත්වය නාගරික සංවර්ධන අධිකාරියේ පරිසර හා  භූ දර්ශන අංශය මගින් සිදුකර තිබේ. ජාතික සදුන් උයන නිදහස, විවේකය, හුදකලාව විනෝදය සහ විවිදත්වය අගයන සියලු දෙනාට ගතට මෙන්ම සිතටද සිසිලක්ම ගෙන දෙනු ඇති.

    Last modified on අඟහරුවාදා, 20 ජූලි 2021 11:01

    Latest News