තවත් 97,699කට ඊයේ මොඩර්නා එන්නත

ජූලි 20, 2021

    මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 97,699 දෙනෙකුට ඊයේ දිනය තුළ ලබාදී තිබේ.

    ඒ අනූව, මේ දක්වා මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති මෙරට සමස්ථ පුද්ගලයින් ගණන එක් ලක්ෂ 7,787ක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

    තවත් පුද්ගලයින් එක් ලක්ෂ 4,617 දෙනෙකුට සයිනොෆාම් කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේදී ලබාදී තිබේ.

    ඒ අනුව, මේ දක්වා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති මෙරට සමස්ථ පුද්ගලයින් ගණන හතලිස් හය ලක්ෂ 35,090 ක්.

    මේ අතර ඊයේ දිනයේදී තවත් පුද්ගලයින් 10,997 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදී ඇති අතර මේ දක්වා එම එන්නතේ දෙවන මාත්‍රාව ලබාදී ඇති මෙරට සමස්ථ පුද්ගලයින් ගණන දොළොස් ලක්ෂ 97,337 ක්.

    Latest News