මොඩර්නා එන්නත් ලක්ෂ 15ක් දිවයිනට

ජූලි 16, 2021

    අමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අද උදේ මෙරටට රැගෙන එනු ලැබීය.

    ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන්. මෙම එන්නත් තොගය අමෙරිකාවේ සිට දෝහකටාර් හරහා පැමිණි කටාර් ගුවන් සේවයට අයත් කියු ආර් 664 දරන ගුවන් යානයෙන් මෙරටට රැගෙන එනු ලැබීය.
    එන්නත් තොගය අමෙරිකානු තානාපති ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය විසින් ගුවන්තොටුපොළ පර්යන්තයේ දී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත බාර දුන්නේය.
    මෙම අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග,රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

    216101141 1363561254037925 8050333267329653397 n

    216424273 200859288642699 4933968527678360480 n

    Latest News