ශ්‍රී ලංකාවේ 13 වන විශ්වවිද්‍යාලයේ පළමු උපකුලපතිවරයා නම් කෙරේ

ජූලි 14, 2021

    අගෝස්තු මස පලවෙනිදා සිට වවුනියාව විශ්වවිද්‍යාලය වශයෙන් නම් කෙරෙන ශ්‍රී ලංකාවේ 13 වෙනි විශ්වවිද්‍යාලයේ පලමු උපකුලපතිවරයා වශයෙන් මහාචාර්ය ටී.මංගලේස්වරන් මහතාව ජනාධිපතිවරයා විසින් පත් කොට තිබේ.



    මෙතෙක් මෙම විශ්වවිද්‍යාලය යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපය වශයෙන් පවත්වා ගෙන ගිය අතර එම මණ්ඩපයේ මණ්ඩපාධිවරයා වශයෙන් කටයුතු කළේද මහාචාර්ය මංගලේස්වරන් මහතායි.

    අගෝස්තු මස 1 වෙනිදා සිට වවුනියාව විශ්වවිද්‍යාලය නිල වශයෙන් ක්‍රියාත්මක වන අතර එහි නිල උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු මස 11 වෙනිදා පැවැත්වීමට නියමිතයි.

    Latest News