ඉදිරි දිනවල වැසි තත්වයේ වැඩිවීමක්

ජූලි 08, 2021

    ඉදිරි දින කිහිපයේ දී වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    විශේෂයෙන් හෙට (09) සහ අනිද්දා (10) දිවයිනේ නිරිතදිග කොටසේ බස්නාහිර සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වල එම තත්වය අපේක්ෂා කෙරේ.

    එමෙන්ම දිවයින හරහා හා දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං තත්වයේ වැඩිවීමක් ද අපේක්ෂා කෙරේ.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බවයි.

    එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75 ඉක්මවු තද වැසි ඇති විය හැකිය.

    ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයකට සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

    Latest News