"ගෝලීය බාලදක්‍ෂ සංස්කෘතික ජම්බෝරිය" ජාත්‍යන්තරයට හඳුන්වා දෙයි

ජූලි 05, 2021

    ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය සංවිධාන කරන "ගෝලීය බාලදක්‍ෂ සංස්කෘතික ජම්බෝරිය" ජාත්‍යන්තරයට හඳුන්වාදීම, ඊයේ රාත්‍රී සිදු කෙරිණ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණ. එය වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ. "ගෝලීය බාලදක්‍ෂ සංස්කෘතික ජම්බෝරිය" - "එකම බාලදක්‍ෂ ලෝකයක්" තේමාවෙන් ලබන 16, 17, 18 යන දිනවල පැවැත්වීමට නියමිතයි.

    ඒ, වීඩියෝ තාක්‍ෂණය ඔස්සේයි. ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයේ අනුශාසකවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා "ජම්බෝරිය" නිල වශයෙන් හඳුන්වා දෙමින්, එහි ඇති වටිනාකම අවධාරණය කළේය.

    Latest News