මෙරට කොවිඩ් පිළිබඳ ජාන විශ්ලේෂණ පර්යේෂණ ඇරඹෙයි

ජූනි 28, 2021

    මෙරට ව්‍යාප්තව පවතින කොවිඩ් ප්‍රභේද පිළිබඳ සෙවීමේ ජාන විශ්ලේෂණ පර්යේෂණ අද සිට ක්‍රියාත්මක කර ඇත.



    ඒ අනුව මෙරට ව්‍යාප්තව පවතින කෝවිඩ් ප්‍රභේද කුමක්ද යන්න පිළිබඳ සෙවීමේ ජාන විශ්ලේෂණ පර්යේෂණවල ප්‍රතිඵල දින හතක් තුළදී ලබාදීමට නියමිතය.

    වසංගත රෝගවිද්‍යා ඒකකය මගින් ලබාදෙන තොරතුරු මත ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල ජෛව විද්‍යාතනය මගින් මෙම සැලසුම් ක්‍රියාත්මක කරයි

    ඉන්දියාවේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ කිහිප දෙනෙක්ද මෙරටින් හමු වී ඇති අතර එය ඇල්ෆා ප්‍රභේදයට වඩා දෙගුණයකින් පැතිර යන බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කරයි.

    Latest News