කොටි මස් අලෙවි කළ තිදෙනෙක් අධිකරණය හමුවට

ජූනි 28, 2021

    කොටි මස් අලෙවි කළ සැකකරුවන් තිදෙනෙකු නුවරඑලිය වලපනේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

    අනතුරුව එක් සැකකරුවෙකුට රු ලක්ෂයක පුද්ගලික ශරිර ඇප මත සැකකරුවන් තිදෙනා මුදා හැර යලිත් මෙම නඩුව 2021.09.07 දින කැදවිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

    මන්දක් අටවා කොටියෙකු අල්ලා ඝාතනය කර මස් කර අලෙවි කළ මෙම සැකකරුවන් තිදෙනා නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් (27) දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    වයස අවු 46, 33 සහ 28 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් වලපනේ මුර්ඔය වතු යායේ පදිංචිකරුවන් බව වාර්තාවේ.

    සැකකරුවන් තිදෙනා (23) දින වලපනේ මුර්ඔය තේ වත්තේ මන්දක් අටවා තේ වත්තේ සැරිසරන අවු 04 පමණ වයසැති හොදින් වැඩුණු පිරිමි කොටියෙකු අල්ලා ඝාතනය කර මස් කර අලෙවි කර ඝාතනය කරන ලද කොටියාගේ ඡායාරුපයක් එක් සැකකරුවෙකු විසින් එම වතු යායේ ඔහුගේ මිතුරෙකුට වට්ස්ඇප් මගින් යොමු කර ඇත. එම ඡායාරුපයක් තමන් වෙත ලැබුණු බවයි නල්ලතන්නිය වනජිවි කාර්යාල‍යේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා සඳහන් කරන්නේ.

    එම ඡායාරුපය අනුව සමනල අඩවි ආරක්ෂක ඩි.පි.සෙයාසිංහ මහතාගේ උපදෙස් පරිදි වලපනේ ප්‍රදේශයට ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට විමර්ෂණයක් ආරම්භ කිරිමෙන් පසු කොටියා ඝතනය කළ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු සහ ඝාතනය කරන ලද කොටියාගේ දත් ගලවා ළග තබාගත් සැකකරුවෙකුද (27) දින අත්අඩංගුවට ගැනිමට හැකි වී ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනොගෙන් ප්‍රශ්න කිරිමේදි ඝාතනය කළ කොටියාගේ සම සැකකරු භාරයේ තිබු එම වතු යායේ නිවසක වේලිමට දමා තිබියදි සොයාගත් බවත්, ඝාතනය කළ කොටියාගෙන් ගලවා ගත් දත් කිහිපයක් සහ සම තමන් භාරයට ගෙන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

    Latest News