ඔහු, කරුණාදාස වික්‍රමතුංග ගොවි මහතායි. තේ වගාවට අවශ්‍ය පොහොර සහ දියර වර්ග ඔහු තම ගෙවත්තේ සාදාගනු ලබයි. පොහොර අසල්වැසි තේ ගොවීන්ට ද ලබාදෙන බව ඔහු පවසයි. කාබනික පොහොර භාවිතයෙන් ලබාගන්නා තේ දළුවලට වෙළෙඳපොළේ ඉහළ මිලක් ද පවතී.
රසායනික පොහොර නොමැතිව තේ වගාව සාර්ථකව සිදු කළ හැකි බව මෙම ගොවි මහතා පෙන්වා දෙයි.