මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු පැතිරයාමේ අවදානමක් සහිත වතු සහ මහල් නිවාසවල පදිංචි ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් අද ආරම්භ කෙරිණ.
ඒ පොලිස් පරිසර කොට්ඨාසය, ප්‍රජා පොලිස් ඒකකය, කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන හා විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධවයි. මෙහිදී දුමායනය, ජලය එක්රැස්වන ස්ථාන පිරිසිදු කිරීමට ප්‍රමුඛත්වය දෙනු ලැබීය. ඩ්‍රෝන යන්ත්‍ර යොදා ගනිමින් ගොඩනැගිලිවල ඉහළ වහලයේ වැහි පිහිලි මත මදුරුවන් බෝවන ස්ථාන නිරීක්ෂණය කෙරිණ.
මේ සඳහා පොලිස් නිලධාරීන් 500කට අධික පිරිසක් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්වූහ. ඩෙංගු මර්දන ක්‍රියාවලිය අද සිට දිවයින පුරා සියලු පොලිස් බල ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට නියමිතයි.