රජයේ කාබනික පොහොර ප්‍රතිපත්තියට සහය පළ කරනවා; රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ජූනි 08, 2021

    රජයේ කාබනික පොහොර ප්‍රතිපත්තියට, තමන් සහය පළ කරන බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    මෙරට, රසායනික පොහොර භාවිත කරමින් ගොවිතැන ආරම්භ කරනු ලැබුවේ 1960 දශකයේදී. ආහාර හිඟවීම හා සංචිතයක් පවත්වාගෙන යෑමට නම්, රසායනික පොහොර භාවිත කොට කෘෂි කර්මාන්තය නැංවිය යුතු බව, එකල ප්‍රකාශ කෙරිණ. එමගින් බෝ නොවන රෝග වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව වෛද්‍යවරුන් පවසයි.

    මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, කාබනික නොවන පොහොර භාවිතයෙන් සිදු වූ අහිතකර ප්‍රතිඵල රැසක් දක්නට ලැබෙන බවයි.

    Last modified on අඟහරුවාදා, 08 ජූනි 2021 19:18

    Latest News