WhatsApp පණිවිඩයක් ගැන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අනතුරු අඟවයි

මැයි 15, 2021

    වැරදීමකින් ඉලක්කම් 6ක කේතයක් එවා ඇති බව සඳහන් කරමින් ඔබට WhatsApp පණිවිඩයක් ලැබුණහොත්,ඊට ප්‍රතිචාර නොදක්වන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දෙයි.

    එවැනි පණිවිඩයක් ඔබ දන්නා අයෙකුගෙන් ලැබුණහොත්, ඔවුන්ගේ ගිණුම අවදානමක ඇති බව ඔවුන්ට දැනුම් දෙන ලෙසද Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔවුන් නිවේදනය කරයි.

    තම WhatsApp ගිණුම් ආරක්ෂා කර ගැනීම සඳහා 2 Factor Authentication සක්‍රීය කරගන්නා ලෙස ​ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව WhatsApp පරිශීලකයින්ට දැනුම් දෙයි.

    Last modified on සෙනසුරාදා, 15 මැයි 2021 18:13

    Latest News