මෙරට දිනක් තුළ වැඩිම කොවිඩ් මරණ ඊයේ

මැයි 06, 2021

    දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද ඊයේ (05) දිනයේ වාර්තා වී තිබුණි.

    ඒ, මරණ 14ක් ලෙසය.

    ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් -19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 734කි.

    තවද දෙදිනක් තුළ මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 25ක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

    ඊයේ දිනයේ වාර්තා වූ කොවිඩ් මරණ අතුරින් 8 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 06 දෙනා පිරිමි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    මියගිය කාන්තාවන් 35, 42, 51, 66, 70, 75, 82, 84 යන වයස් කාණ්ඩවල පසුවන්නන්වේ.

    පිරිමි පුද්ගලයින් 55, 66, 67, 70, 76, 87 යන වයස් කාණ්ඩවල පසුවන්නන් වෙයි.

    Latest News