කොවිඩ් එන්නත්කරණයට ජපාන රජයේ ආධාර.....

මැයි 01, 2021

    මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමේ අරමුණෙන් ජපාන රජයේ ආධාර යටතේ එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික ළමා අරමුදල සෞඛ්‍ය අමාත්‍යාංශයට අද සීතල දාම ආධාරක උපකරණ 500ක් ප්‍රදානය කළේය.

    ඒ, කොළඹ යුනිසෙෆ් ප්‍රධාන කාර්යාලයේදී. උපකරණ තොගයේ වටිනාකම රුපියල් මිලියන 5කට අධිකයි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත පරිත්‍යාග සංකේතාත්මකව බාරදෙනු ලද්දේ මෙරට ජපාන තානාපති අකිරා සුගියාමා මහතා විසින්.

    මෙමගින් ක්‍ෂේත්‍රයේ එන්නත්කරණ අවස්ථාව දක්වා අදාළ එන්නත් නියමිත උෂ්ණත්වය යටතේ ආරක්‍ෂිතව රැගෙන යා හැක.

    Latest News