ප්‍රදේශ රැසකට අද මි.මී 100 ඉක්මවූ වැසි

මැයි 01, 2021

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඉදිරි දින කිහිපයේ දී ඉහත දැක්වු පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

    බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල උදෑසන කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

    Latest News