අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට සහ අධි අවදානම් කණ්ඩායම් සඳහා එන්නත් අඛණ්ඩව

අප්‍රේ 02, 2021

    වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට සහ අධි අවදානම් කණ්ඩායම් සඳහා ඇස්ට්‍රසෙනෙකා එන්නත් අඛණ්ඩව ලබාදීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    එම අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව කියා සිටියේ, අද පැවති මාධ්‍ය හමුවකදී. කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ නව ලක්‍ෂ 23,954කට එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එන්නත ඊයේ 4,201කට ලබාදී තිබේ.

    අලුත් අවුරුදු සමයේ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව සෞඛ්‍ය මාර්ගෝපදේශ නුදුරේදීම නිකුත් කිරීමට නියමිතයි.

    Latest News