අතිපූජ්‍ය කොටුගොඩ හිමි ආදාහනය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ලබන 25...

මාර් 23, 2021

    ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අපවත්වී වදාළ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ලබන 25 වැනිදා කොළඹ නිදහස් චතුරඝ්‍රයේ දී පැවැත්වේ.

    ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් ඊයේ අලුයම අපවත්වූහ. උන් වහන්සේගේ දේහය ගල්කිස්ස, ශ්‍රී ධර්මපාලාරාමයේ තැන්පත් කර තිබේ. කොටුගොඩ ධම්මාවාස හිමියන් විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක මෙන්ම, සුපේශල ශික්‍ෂාකාමි මහා තෙරනමක ලෙස, මෙරට බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පත්ව සිටියේය.

    උන්වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවියට පත්වූයේ 2017 වසරේදී. මෙරට ශාසනික ප්‍රබෝධය වෙනුවෙන් ඉමහත් කාර්ය භාරයක් ඉටු කළ උන්වහන්සේ, දෙස්-විදෙස් සම්මානයෙන් ද, පිදුම් ලැබූ විශිෂ්ට යතිවරයාණන් වහන්සේ නමක්.

    Latest News