ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා මානව හිමිකම් යෝජනාවට රටවල් 25ක් එකඟ නොවෙයි...

මාර් 23, 2021

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47න් 25ක් ශ්‍රී ලංකාවට එරෙහිව අද (23) ඉදිරිපත් කෙරුණු යෝජනාව අනුමත කර නැහැ.

    සම්පූර්ණයෙන්ම ඒ යෝජනාව අනුමත කළේ රටවල් 22ක් පමණි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාවට එරෙහිව 46/1 යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ, බ්‍රිතාන්‍යයේ නායකත්වයෙන් යුත් මූලික කණ්ඩායමේ රටවල් 06ක් විසින්. එහෙත් ඡන්ද විමසීමට ප්‍රථම සිදුවූ කරුණු දැක්වීමේදී ශ්‍රී ලංකාවට විරුද්ධව අදහස් පළ කළේ, බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමය සහ බ්‍රසීලය පමණි.

    මේ යෝජනාව පදනම් වී ඇත්තේ, මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාව ‍මතයි. ශ්‍රී ලංකාව ලැබූ ප්‍රගතීන් මෙන්ම මානව හිමිකම් පිරිහීම් ද ඊට ඇතුලත් වේ. චීනය, රුසියාව, පකිස්තානය, පිලිපීනය, වෙනිසියුලාව, බොලීවියාව, කියුබාව යන රටවල් යෝජනාව ප්‍රති‍ක්ෂේප කරමින් අදහස් දැක්වීය. මැදහත් පාර්ශවය සිට අදහස් දැක්වූයේ ජපානය හා ඉන්දියාව පමණි.

    මේ අනුව 46/1 යෝජනාව ඡන්ද විමසීම සඳහා යොමු කෙරිණ. එහිදී යෝජනාවට පක්‍ෂව ඡන්ද 22ක් ප්‍රකාහ කෙරිණ. යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නේ රටවල් 11ක් පමණි. රටවල් 14ක් ඡන්දය දීමෙන් පැළකී සිටියේය. යෝජනාව වැඩි ඡන්ද 11කින් සම්මත වුවද බහුතර සාමාජිකයන් එය අනුමත නොකරන තත්වයේ පසුවීම අන්තර් ජාතික අවධානයට ලක්වූ කරුණක්. මේ තත්වය ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි බව, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

    Latest News