කෝවිල්වල පුජා කටයුතු සදහා සෞඛ්‍ය උපදෙස් මාලාවක්

මාර් 23, 2021

    නුවරඑලිය දිස්ත්‍රික්කයේ නගරබද සහ තේ වතු ආශ්‍රිත කොවිල්වල සහ පුජනිය ස්ථානවල පුජා කටයුතු සදහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් විසින් සෞඛ්‍ය උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

    කොවිල් කමිටුවලට සහ වතු අධිකාරිවරුන්ට ඔහුන් පදිංචි බල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරුන් විසින් මෙම සෞඛ්‍ය උපදෙස් මාලාව නිකුත් කර ඇත.

    එම සෞඛ්‍ය උපදෙස් මාලාවට අනුකුලව අදාල කොවිලේ හෝ පුජනිය ස්ථානයේ පුජනිය කටයුතු සිදු කල යුතු බවත්, එයට පටහැනිව සිදු කරන පුජා කටයුතු ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට නතර කිරිමට බලය ඇති බවයි ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා කියා සිටියේ.

    පුජා කටයුතු සදහා කිසිදු විටක 50 කට අධික පිරිසක් රැස් නොකිරිම, පැමිණෙන සියළු දෙනා මුඛ ආවරණ පැළද පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනිම, බාහිර ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයන් පුජා කටයුතු සදහා සහභාගි නොකර ගැනිම ඇතුළු කරුණු 12කින් උපදෙස් මාලාව නිකුත් කර ඇත.

    එවැනි උපදෙස් මාලාවක් නිකුත් කර තිබියදි වතු ආශ්‍රිත ඇතැම් කොවිල්වල නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් පුජා කටයුතු සිදු කරන අයුරු අප කැමරාවේ සටහන් විය.

    Latest News