කොවිඩ්-19; සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ....

මාර් 09, 2021

    කොරෝනා වෛරසය හේතුවෙන් කඩා වැටී තිබූ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීම පිළිබඳ සාකච්ජාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ‍‍යේ දී අද (09) පැවැත්විණ.

    ඒ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සහභාගිත්වයෙන්.

    විදෙස් සංචාරකයන් පැමිණිම වැඩිවීමත් සමඟ කොවිඩ් 19 රෝගය පාලනයේ දී රටේ ජනතාවගේ සෞඛ්‍යාරක්‍ෂාවට මූලිකත්වය දෙමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණ.

    ගුවන් තොටුපල යළි විවෘත කිරීමෙන් පසු මෙරටට විදෙස් සංචාරකයන් 6,000ක් පමණ පැමිණ තිබේ. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ඉවහල්වන කරුණු 08ක් පිළිබඳව මෙහිදී ප්‍රමුඛ අවධානය යොමු කෙරිණ.

    ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදෙස් සංචාරකයින්ගේ විශාල ඉල්ලුමක් පවතී. එම නිසා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයෙකුගේ අධීක්‍ෂණය යටතේ හෝටලයට අනුයුක්ත වෛද්‍යවරයෙකුගේ සහබාගිත්වයෙන් සෞඛ්‍යාරක්‍ෂිතව ඊට අදාළ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී ඉල්ලා සිටියේය.

    අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පෙන්වා දුන්නේ, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා සංචාරක කටයුතු අමාත්‍යාංශය විසින් ගනු ලබන පියවර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට සහ නිර්නායකවලට ප්‍රමුඛත්වය දෙමින් හා ඊට අනුගත වෙමින් ජනතාවගේ සෞඛ්‍යාරක්‍ෂාවට මුල්තැන දෙමින් ගත යුතු බවයි.

    සෞඛ්‍ය, සංචාරක අමාත්‍යාංශවල නිලධාරින් පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News