පාලිත සමුගනී

මාර් 08, 2021

    ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ක්‍රීඩා අංශ ප්‍රධානී පාලිත සෙනරත් යාපා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (08) සිදු කෙරිණ.

    ඒ, තලවතුගොඩ පොදු සුසාන භූමියේදී.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ පළමු පුහුණුවන නිෂ්පාදන සහකාර කණ්ඩායමට අයත් පාලිත සෙනරත් යාපා මහතා 1983 ඔක්තෝබර් මස සංස්ථා සේවයට එක්විය. 24 දෙනෙකුගෙන් යුත් එම කණ්ඩායමේ ලාබාලතම සාමාජිකයා වුයේ ඔහුයි. 1964 මැයි 10 වැනිදා ගම්පහදී උපත ලැබූ ඒ මහතා අධ්‍යාපනය ලැබූවේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්.

    රූපවාහිනී ක්‍රීඩා අංශයේ දීර්ඝ කාලයක් සේවය කළ ඔහු ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි රැසක රූපවාහිනී නිෂ්පාදකවරයා ද විය. ඔලිම්පික් හා ආසියානු ක්‍රීඩා උළෙල මෙන්ම පාපැදි ඇතුළු තරගාවලි රැසක් ඊට ඇතුළත්.

    රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක, අධ්‍යක්‍ෂ ජනරාල් අජිත් නාරගල යන මහත්වරුන්‍ සහ සංස්ථාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

                                           "38 වසක් අප සමඟ රැඳුණු සුමිතුරාණෙනි ඔබට නිවන් සුව"

    Latest News