ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා මෙරට යුද, ගුවන් හමුදාපතිවරු හමුවෙති

මාර් 04, 2021

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරයට සමගාමීව මෙරට සංචාරයක නිරතව සිටින ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බාදවුරියා මහතා මෙරට ත්‍රිවිධ හමුදාපතිවරුන් මුණ ගැසුණා.

    ඒ එම මූලස්ථානවලදී. යුද හමුදා මූලස්ථානයට අද උදේ පැමිණි ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා පිළිගනු ලැබුවේ, යුද හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් සංජය වනසිංහ මහතා විසින්.

    මූලස්ථාන ගොඩනැගිල්ලට කැඳවාගෙන යාමෙන් පසු යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ඉන්දීය ගුවන් හමුදා ප්‍රධාන අතර සුහද සාකච්ජාවක් පැවැත්විණ. සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණ.

    Air px 900 04 03 21

    ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානි සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අතර හමුව ඊයේ පැවැත්විණ. කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙණ නිලධාරි එයාර් වයිස් මාර්ෂල් ජානක අමරසිංහ මහතා විසින් ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානි පිළිගැනීමෙන් අනතුරුව ගුවන් හමුදා වර්ණ පක්‍ෂාංගය විසින් උත්තමාචාර පෙළපාලියක් ද පවත්වනු ලැබීය.

    Latest News