ඔවුන් පෙන්වා දෙන්නේ, එම දෙමළ දේශපාලඥයින් සැමවිටම උත්සාහ දරන්නේ අතුරුදන්වූවන්ගේ මාපියන් මහපාරේ තබා එතුළින් දේශපාලනය කිරීමට බවයි.
උතුරු-නැගෙනහිර මියගිය හා අතුරුදන්වූවන්ගේ එකමුතුව එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට අද පෙත්සමක් බාර දුන්නේය. ඒ, එල්ටීටීඊ සංවිධානය කළ පුද්ගල ඝාතන සහ අතුරැදන් කිරීම් සම්බන්ධයෙන් ද පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලමින්.
උතුරු නැගෙනහිර මියගිය හා අතුරුදන්වූවන්ගේ එකමුතුව මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට ද අද පෙත්සමක් බාර දුන්නේය. එම කාර්යාලය ඉදිරිපිට ඔවුන් නිහඬ විරෝධතාවයක ද නිරත විය. අනතුරුව ඔවුන් තවත් පෙත්සමක් බාර දුන්නේ ජනාධිපති කාර්යාලයටයි.