පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමට අද සිට

පෙබ 16, 2021

    සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොරෝනා මර්දන එන්නත් ලබා දීම අද සිට ආරම්භ කෙරේ.

    නාරාහේන්පිටි පිහිටි යුද හමුදා රෝහලේදී එන්නත් ලබා දීම සිදු කෙරෙන බවයි,පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.

    එන්නත්කරණ වැඩසටහන දින 4ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    මේ අතර, කොරෝනා මර්දන එන්නත බන්ධනාගාර නිලධාරීන්ට ලබා දීම ද අද ආරම්භ කෙරේ.

    බන්ධනාගාර පුහුණු පාසලේදී එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ.

    මේ යටතේ නිලධාරින් 5100කට එන්නත ලබාදීමට සැලසුම්කර ඇත.

    Latest News