ජනතාවගෙන් ලක්ෂ 90කට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගෙන්වීමට පියවර

පෙබ 04, 2021

    මෙරට ජනතාවගෙන් ලක්ෂ 90ක පිරිසකට ලබාදීමට අවශ්‍ය වන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබා ගැනීම සඳහා මේ වන විට ඉන්දියාවට ඇනවුම් කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

    ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,අවශ්‍ය එන්නත් ප්‍රමාණය පෙබරවාරි 15 වැනිදා සිට මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරන බවයි.

    කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරට එක් ලක්ෂ 39,914 දෙනෙකුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    එන්නත්කරණය ආරම්භ කෙරුණේ, ඉකුත් 29 වැනි දිනයි. එහි 7 වැනි දිනය අදයි. ඊයේ එන්නත ලබා දුන් පිරිසට 21,147 දෙකනෙක් ඇතුළත්.

    Latest News