දුම්රිය මැදිරි 100ක් මෙරට නිෂ්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය (වීඩියෝ)

පෙබ 02, 2021
  • දුම්රිය මැදිරි 100ක් මෙරට නිෂ්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    ඉදිරි වසර පහේදී දුම්රිය මැදිරි අවශ්‍යතාව 800ක් දක්වා වැඩිවිය හැකි බවට ඇස්තමේන්තු කර ඇත. දැනට පවතින දුම්රිය මැදිරි වසර 25ත් 30ත් අතර පැරණි ඒ්වායි. ඉදිරියේදී දුම්රිය මැදිරි 160ක් ඉන්දියාවෙන් ලැබීමට නියමිතයි.

    මැදිරි 140ක් අලුත්වැඩියා කිරීමට ද පියවර ගෙන තිබේ. මැදිරි අවශ්‍යතාවෙන් 50%ක් කඩිනමින් සපයා ගත යුතු බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

    Last modified on බදාදා, 03 පෙබරවාරි 2021 00:25

    Latest News