"නැකතට පැළයක්" රැක් රෝපණ ව්‍යාපෘතියක්

පෙබ 02, 2021

    "නැකතට පැළයක්" නමින් රැක් රෝපණ ව්‍යාපෘතියක් ආරම්භ කෙරිණ.

    ඒ්, අදට යෙදී ඇති ලෝක තෙත්බිම් දිනයට සමගාමීවයි. අප්‍රේල් මාසයට යෙදී ඇති අවුරුදු නැකැත් චාරිත්‍ර අනුව පැළයක් රෝපණය කිරීමට රජය ගෙන ඇති තීරණයට අනුව ඊට අවශ්‍ය පැළ සකස් කර ගැනීමට බීජ සිටුවීම අද සිදු කෙරිණ.

    ඒ් අනුව, දිවයිනේ සෑම ගෙවත්තකම ඒක් පැළයක් හෝ රෝපණය කිරීමට සැලසුම් සකස් කොට තිබේ. බීජ රෝපණය කිරීම සංකේතවත් කරමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේ දී වැඩසටහනක් පැවැත්විණ.

    රුක් රෝපණ නැකැත යෙදී ඇත්තේ අප්‍රේල් 16 දින පෙරවරු 6.40ටයි. ලෝක තෙත්බිම් දිනය ප්‍රකාශයට පත් කෙරුණේ, 1971 පෙබරවාරි 2 වැනිදිනයි.

    ඒ්, ඉරානයේ රැම්සාර්හි පැවති සමුළුවේදී. මෙරට තෙත් අභයභූමි 6ක් රැම්සාර් තෙත්බිම් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. බූන්දල ජාතික උද්‍යානය, ආනවිලුන්දාව, මාඳු ගඟ, කුමන හා විල්පත්තු ජාතික උද්‍යාන ඒම තෙත් බිම් 6යි.

    Latest News