නැ. පර්යන්තය වරාය අධිකාරියේ සම්පූර්ණ හිමිකාරිත්වයට (වීඩියෝ)

පෙබ 02, 2021
  • කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පූර්ණ හිමිකාරිත්වය සහිත බහලු පර්යන්තයක් ලෙස මෙහෙයුම් පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ.

    ඒ් සඳහා වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ඊයේ අනුමැතිය හිමිවිය. රජයේ ඒම තීරණයත් සමඟ වරාය වෘත්තිය සමිති ඒකමුතුව සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අද අතහැර දැමුවේය.

    කොළඹ වරායේ නැගෙනහිර බහාලු පර්යන්තය සංවර්ධනයට අදාළව ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය අතර සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබුණේ, පසුගිය යහපාලන සමයේ.

    ඒම ගිවිසුම අනුව, ඉන්දීය ආයෝජකයෙකුගේ, ආයෝජන යෝජනාවක් ඇගයීම පිණිස සාකච්ජා සම්මුති කමිටුවක් පත් කිරීමට වත්මන් රජය පියවර ගත්තේය.

    ඊට ඉකුත් වසරේ ඔක්තෝබර් මස 26 වැනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි විය. ඒම කමිටුවේ නිර්දේශ ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ ඉන්දීය සමාගමට ඉදිරිපත් කෙරිණ.

    ඒහෙත්, ශ්‍රී ලංකාවට වාසිදායක කරුණු රැසක් ඒහි අන්තර්ගතවීම හේතුවෙන් අදාළ ඉන්දීය සමාගම ඊට ඒකඟතාව පළ කර නොමැත. අනතුරුව, රජයේ තීරණය වූයේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පූර්ණ හිමිකාරිත්වය යටතේ පවත්වා ගෙන යාමටයි.

    ඒ් සඳහා විෂයබාර අමාත්‍යවරයා ඊයේ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

    කොළඹ වරාය, කලාපයේ තරගකාරි වරායක් ලෙස සංවර්ධනය කිරීමේ යෝජනා රැසක් ඒම කැබිනට් පත්‍රිකාවේ ඇතුළත්. කොළඹ වරායේ බටහිර පර්යන්තයක් ඉදිකර ඒය සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ද අමාත්‍ය මණ්ඩලය ඊයේ අනුමැතිය ලබා දී ති‌බේ.

    ඒය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ 58 වැනි පිටුවේ සඳහන් පරිදි ගන්නා ලද තීරණයක්. ඒය සඳහන් කර ඇත්තේ මෙසේය, උපුලා ගැනීම "කොළඹ වරායේ ප්‍රති අපනයන බහලුම් පර්යන්ත ප්‍රමාණය ඉහළ නංවන ජාත්‍යන්තර මගී පර්යන්තයක් ආරම්භ කර දැනට මෙහෙයුම් සිදු නොකරන නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් නොපමාව ආරම්භ කර ඒහි ඉතිරි කොටස නොපමාව ඉදිකරනු ඇත. බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු පෞද්ගලික ආයෝජනය ද යොදා ගනිමින් ආරම්භ කරනු ලැබේ. උපුටා ගැනීම අවසන්" මේ සම්බන්ධයෙන් අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද අදහස් පළ කෙරිණ.

    නැගෙනහිර පර්යන්තයේ පූර්ණ හිමිකාරිත්වය වරාය අධිකාරියට හිමිවීමට අදාළ කැබිනට් පත්‍රිකාව අනුමත වීමත් සමඟ වරාය වෘත්තිය සමිති සිය වෘත්තිය ක්‍රියාමාර්ග අද උදේ අවසන් කර ඇත.

    Last modified on අඟහරුවාදා, 02 පෙබරවාරි 2021 22:46

    Latest News