කෑගල්ල ඇටෝරැවාව ග්‍රාමයට සංචරණ සීමා

ජන 30, 2021

    කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශයට අයත් සමගිගම ඇටෝරැවාව ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට කටයුතු කළ බව බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක බණ්ඩාර අත්තනායක මහතා අද (30) පැවසීය.

    සමගිගම ඇටෝරැවාව ප්‍රදේශයෙන් කෝවිඩ් - 19 වයිරසය ආසාදිත පුද්ගලයන් 04 දෙනෙකු හඳුනා ගැනීමත් සමග පවුල් 15ක් ස්වයං නිරෝධායනයට යොමු කර ඵම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමටසෞඛ්‍ය අංශ සහ පොලිසිය ඵක්ව කටයුතු යොදා ඇත.

    ඇටෝරැවාව ප්‍රදේශයේ පුද්ගලයන් 65දෙනකු සඳහා පී.සී.ආර්. පරික්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් ඊයේ (29) කටයුතු යොදා තිබිණ.

    එහිදී සිදුකල ඇන්ටිජන් පරික්ෂණයෙන් කෝවිඩි - 19 වයිරසය අසාදිත පුද්ගලයන් 04දෙනකු හඳුනාගෙන ඇති අතර, පී සී ආර් ප්‍රතිඵල දින 03කදී ලැබිමට නියමිතය.

     

    Latest News