කොවිඩ්-19;1,869ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යයි (වීඩියෝ)

ජන 28, 2021
  • කොවිඩ්-19 රෝගය වැළඳුණු 1,869ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිටව ගිය බව වසංගත රෝග විද්‍යාංශය පවසයි.

    සුවය ලබා මෙරට දිනක දී පිටව ගිය වැඩිම පිරිස මෙයයි.

    පොළොන්නරුව කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි තවත් 245ක් සුවය ලබා පිටව ගොස් තිබේ. ඔවුන් කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්. කෑගල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි 101 දෙනෙකු ඊයේ පිටව ගියේය.

    පූර්ණ සුවය ලබා මේ වස ආරම්භයේ සිට අද දක්වා 19,142ක් රෝහල්වලින් පිටව ගොස් තිබේ. සුවය ලබා අද පිටව ගිය පිරිසට 1,869ක් ඇතුළත්. සුවය ලබා මෙතෙක් වැඩිම පිරිසක් පිටව ගියේ අදයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 ජනවාරි 2021 21:56

    Latest News