ඊ.ටී.අයි අධ්‍යක්ෂක මණ්ඩලයේ 3 ක් අත්අඩංගුවට

ජන 06, 2021

    ඊ.ටී.අයි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු මීට ස්වල්ප වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

    ඊ.ටී.අයි තැන්පතුකරුවන් කර තිබූ තැන්පතු වලින්, රුපියල් බිලියන 13.7 ක මුදලක් නීති විරෝධීව ලබා ගැනීම හා මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ නීති නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගයකට අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊ.ටී.අයි. අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් ලෙස ක්‍රියාකළ අසංක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ සහ අන්ජලී දීපා එදිරිසිංහ යන තිදෙනා බව පොලිසිය පවසයි.

    Latest News