වැසි සහිත කාලගුණය තවදුරටත්

දෙසැ 27, 2020

    දිවයින ආශ්‍රිත පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, ම‍ධ්‍යම සහ වයඹ පළාත්වල වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තුවේ.

    උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, ම‍ධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවේ. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ම‍ධ්‍යම සහ වයඹ පළාත්වලත් බදුල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැක.

    සෙසු ප්‍රදේශවල විශේෂ‍යෙන් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගමම ප්‍රහශශවක ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. 

    ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දේ.

    Latest News