අංගොඩ ලොක්කාගේ මරණයේ විමර්ශන සඳහා ලංකාවේ සහාය පතයි

දෙසැ 20, 2020

    අංගොඩ ලොක්කාගේ මරණය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් අධිකරණ වෛද්‍ය සාක්‍ෂි ලබා ගැනීමට උපකාර ඉල්ලා ඉන්දීය අපරාධ අංශය විසින් ලිපියක් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට (එම්ඊඒ) යොමු කර ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වාර්තා කරයි.

    මියගිය පුද්ගලයා අංගොඩ ලොක්කා බව අධිකරණය හමුවේ තහවුරු කිරීමට ඩීඑන්ඒ පරික්ෂා කිරීම සඳහා සාම්පල චෙන්නායි හි අධිකරණ විද්‍යාගාරයට යවා ඇත.

    ලොක්කාගේ දෙමව්පියන්ගේ රුධිර සාම්පල ඩීඑන්ඒ සමඟ ගැලපීමට අවශ්‍යය බවද එම සාම්පල ශ්‍රී ලංකා රජයෙන් ලබා ගැනීමට උදව් ඉල්ලා ඉන්දියාව අගෝස්තු මාසයේදී එම්එච්ඒ වෙත ලිපියක් යැවූ බව එම වාර්තාවේ සදහන් වේ.

    නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් එය ප්‍රමාද විය.

    නැවතත් ලිපියක් MEA වෙත යොමු කර ඇති අතර එය ඉතා ඉක්මනින් රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ ශ්‍රී ලංකා රජයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔවුන් වැඩි දුරටත් පවසයි.

    තමිල්නාඩු ස්වදේශ දෙපාර්තමේන්තුවේ උප ලේකම් තනතුරේ නිලධාරියෙකු ලිපි හුවමාරුව නිරීක්ෂණය කරමින් සිටින බව එම නිලධාරියා වැඩිදුරටත් ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වෙත පවසා ඇත.

    Latest News