ඊයේ (17 වැනිදා) කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට අධිනීතිඥ නිශාරා ජයරත්න කැඳවා තිබූ අවස්ථාවේ දී ජනාධිපති නීතිඥවරයා අදාළ ඉල්ලීම කළේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් උපදෙස් පතා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය 2017 වර්ෂයේ දී යොමුකළ ගොනුවකට අදාළව එම ගොනුවේ අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි සහ රජයේ අධිනීතිඥ මලික් අසීස් වෙනුවෙන් නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියක් සම්බන්ධයෙන් සාක්ෂි විමසීමට අධිනීතිඥ නිශාරා ජයරත්න කොමිසම හමුවට කැඳවා තිබිණි.
කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමේ දී ප්‍රශ්න මගහරිමින් කටයුතු කරන බව චෝදනා කරමින් ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු අදාළ ඉල්ලීම කළේය.
එසේම ප්රශ්නය මගහැරීම සහ ප්රතිප්රශ්න නැගීම සම්බන්ධයෙන් අධිනීතිඥවරියට කොමිසම විසින්ද ඊයේ දැඩි ලෙස අවවාද කරන ලදී.