සේනා දළඹු උවදුරින් ප්‍රදේශ රැසක බඩඉරිඟු වගාවන්ට දැඩි හානි

දෙසැ 16, 2020

    සේනා දළඹු උවදුරින් ප්‍රදේශ රැසක බඩඉරිඟු වගාවන්ට දැඩි හානි සිදුවෙමින් පවතින බව වාර්තාවේ.

    දඹාන ආදිවාසී ජනතාව ද දළඹු උවදුරින් දැඩි පීඩාවට පත්ව සිටී. දඹාන සහ ඒම ප්‍රදේශය ආශ්‍රිත වේවත්ත, කුකුළාපොළ, ඇකිරියන්කුඹුර, පෙලන්පැලේ, ගුරුකුඹුර ඇතුළු ගම්මාන රැසක බඩ ඉරිඟු වගාව සේනා දළඹු ආක්‍රමණයට ලක්ව තිබේ. මේ සම්බන්ධයෙන් ආදිවාසි නායක විශ්වකීර්ති වනස්පති වන්නිලැත්තන් මාධ්‍යයට අදහස් පළ කළේය.

    පසුගිය වර මෙවැනි කෘමි උවදුරුවලදී අදාළ කෘෂි බලධාරීන්ගේ අවධානය යොමු වුවද, මෙවර ඒ් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුවී ඇති බවක් පෙනෙන්නට නැතැයි ද ආදිවාසි නායකයා ප්‍රකාශ කළේය.

    දඹාන ආශ්‍රිත ගම්මානවල චාරිකා කිරීමේදී සේනා දළඹු උවදුරින් තම බඩඉරිඟු වගාවන් බේරා ගැනීමට ආදිවාසි ජනතාව නොයෙකුත් ක්‍රම යොදමින් සිටින අයුරු දැකගත හැකිවූ බව අප වාර්තාකරු පවසයි. දේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන් සකසා ගනු ලැබූ දියර මෙන්ම, රසායනික ද්‍රව්‍ය ද යොදා ගනිමින් ඔවුන් ඊට දැඩි වෙහෙසක් දරමින් සිටී.

    Latest News