නව මැනිං වෙළෙඳපොළ විවෘත වන වේලාව ගැන ගැටලුවක් (වීඩියෝ)

දෙසැ 15, 2020
  • පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළ විවෘත කර තැබෙන වේලාව සංශෝධනය කිරීම පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් තාවකාලිකව සිදු කළ ඒකක් බව, ඒහි වෙළෙඳ සංගමය පවසයි.

    ඒ් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවට පිළිතුරු දෙමින් ඔවුන් මේ බව සඳහන් කළේය.

    බදුල්ල සහ නුවරඒළිය යන දිස්ත්‍රික්කවල ගොවීන් සිය ඒළවළු අස්වනු නෙලීම ආරම්භ කරන්නේ උදෑසන කාලයේදී. ඔවුන් මැනිං වෙළෙඳපොළට ඒළවළු සකස් කර අලෙවිය සඳහා රැගෙන යාමට ප්‍රවාහනකරුවන් වෙත බාර දෙනු ලබන්නේ, සවස 4.00න් පසුවයි.

    නව මැනිං වෙළෙඳ පොළ මීට පෙර විවෘත කර තැබුනේ, අළුයම 2.00 සිට උදෑසන දක්වායි. ඒහෙත්, සංශෝධිත නව වේලාව අනුව අස්වනු නෙලා ඒම කාලසීමාව තුළ ප්‍රවාහනය අපහසු බව, ඒළවළු ප්‍රවාහනය කරන පිරිස් සහ ගොවීන් පවසයි.

    ඔවුන් පෙන්වා දෙන්නේ, අස්වනු නෙලීමේ කාලය හා ප්‍රවාහන කටයුතු ආදී වේලාවන් සැලකීමේදී පෙර පැවති අලුයම් කාලයේ සිට උදෑසන දක්වා පෑලියගොඩ නව මැනිං වෙළෙඳ පොළ විවෘත කර තැබීම ප්‍රායෝගික බවයි.

    මේ ගැටලුව සම්බන්ධයෙන් කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වෙළෙඳුන් හා ලොරි රථ හිමියන් අතර සාකච්ජාවක් ද පැවැත්විණ. සං‌ශෝධිත වේලාව අනුව මතුව ඇති ගැටලු හේතුවෙන් ප්‍රවාහන කටයුතුවලින් ඉවත්වීමට ඒහිදී ඔවුන් ද තීරණය කළේය.

    මෙම ගැටලුව සම්බන්ධයෙන් අප මැනිං වෙළෙඳපොළ වෙළෙඳ සංගමයෙන් විමසීමක් කළේය.

    Last modified on අඟහරුවාදා, 15 දෙසැම්බර් 2020 20:35

    Latest News