මෙරට කොරෝනා මරණ 150 ඉක්මවයි

දෙසැ 14, 2020

    මෙරටින් ඊයේ දින තවත් කොරෝනා මරණ 3 ක් වාර්තා විය. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 152 ක් බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

    ඊයේ වාර්තා වූ මියගිය තිදෙනාගෙන් දෙදෙනෙක්ම කාන්තාවන්. කොළඹ 10 ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62ක් වූ කාන්තාවක් සහ වත්තල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 71ක් වන කාන්තාවක් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

    ඔවුන් කොළඹ අයි ඩී එච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ.

    වයස අවුරුදු 76 ක් වූ අනෙක් පුද්ගලයා මාතලේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අනුරාධපුර දිස්ති‍්‍රක් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

    ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා රෝගීන් 650 ක් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 32,790 ක් දක්වා ඉහළ ගියා. කෙසේවෙතත් ඉන් 23,793 දෙනෙකු මේ වනවිටත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. 

    තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 8,845 ක්.     

    Last modified on සදුදා, 14 දෙසැම්බර් 2020 10:49

    Latest News