රාජ්‍ය අමාත්‍යංශ 39කට ලේකම්වරු පත් කිරීම 25

දෙසැ 13, 2020

    රාජ්‍ය අමාත්‍යංශ 39කට අදාළව අමාත්‍යංශ ලේකම්වරුන් පතිකිරිම සිදුකර තිබේ.

    මිට අදාල ගැසට් නිවේදනය නිකුත්කර ඇති අතර, අමාත්‍යංශ ලේකම්වරුන් පත්කිරීම නොවැම්බර් මස 25වන දින සිට වලංගු බව සඳහන්වේ.

    අනුව රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පත්කර ඇති අතර ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පකර තිබේ.

    වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩී.පී.ජී. කුමාරසිරි මහතාත්, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජී.සී. කරුණාරත්න මහත්මියත්, ඖෂධ නිෂ්පාදන සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්.උඩුවාවල මහතාත් පත්කර ඇති බව පැවසෙනවා.

    Latest News