අය-වැය තෙවැනි වර කියවීම වැඩි ඡන්ද 97කින් සම්මතයි (වීඩියෝ)

දෙසැ 10, 2020
  • 2021 වසරට ඉදිරිපත් කෙරුණු අය-වැය වැඩි ඡන්ද 97කින් සම්මත විය.

    අය-වැයට පක්ෂව ඡන්ද 151ක් හිමි වූ අතර, විරුද්ධව ලැබුණේ, ඡන්ද 54ක් පමණි. ඉකුත් නොවැම්බර් 17 වැනි දින අය-වැය දෙවැනි වර කියවීම ආරම්භ කෙරුණු අතර විවාදය දින 20ක් පැවැත්විණ.

    අය-වැය තෙවැනි වර කියවීම හේතුවෙන් අය-වැය කාරක සභා අවස්ථාවේ අවසන් දිනය වූ අද විවාදයට ගැනුණේ, මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂයයි. ඒහි පිළිතුරු කතාව සිදු කළේ, මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 දෙසැම්බර් 2020 20:26

    Latest News