ශානි අබේසේකරට ඇප දීමේ තීන්දුව 9

දෙසැ 07, 2020

    අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා සහ ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්ත සේවය කරන ලද උප පොලිස් පරික්ෂක රෝහන මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දෙන්නේ ද නැද්ද යන තීන්දුව ලබන 09 ට ලබා දීමට ගම්පහ මහාධිකරණය අද (07) තීන්දු කලේය.

    ගම්පහ මහාධිකරණය මගින් ඊට අදාළ තීන්දුව අද (07) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබු අතර ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා රාජකාරි නිවාඩු ලබා තිබු හෙයින් එම තීන්දුව ලබන 09 වෙනිදාට කල් තැබිණි.

    රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා පැමිනිල්ල වෙනුවෙන් මහාධිකරණය හමුවේ පෙනී සිටි අතර ගම්පහ අංක 01 මහාධිකරණ රෙජිස්ට්‍රාර් ධර්මසිරි මහතා ගේ උපදෙස් මත තෝල්ක මුදලි විසින් තීන්දුව ලබන 09 වෙනිදාට කල් තැබුවාය.

    Latest News