සෑම බස් ගමන් වාරයක් ආරම්භයේදී වෙනස් ක්‍රමවේදයක්

දෙසැ 06, 2020

    සෑම බස් ගමන් වාරයක් ආරම්භයේදීම හෙට (07) සිට බස් රථ දෙකක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා.

    වැඩි දුරටත් ඔහු සඳහන් කලේ විශේෂයෙන් පාසල් වේලාවන් හා කාර්යාල වේලාවන් හීදී අදාළ ගමන්වාර ක්‍රමවේදයට අනුව බස් රථ දෙකක් ධාවනයේ යෙදවීම සඳහා ප්‍රවාහන අධිකාරියට උපදෙස් දී ඇති බවයි.

    බස්රථවල යම් ගාස්තු සංශෝධනයක් සිදුකලත් දිගින් දිගට සිදුවන අධිකලෙස මගින් රැගෙනයන යාම සම්බන්ධ පැමිණිලි ලැබී ඇති බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය වරයා සඳහන් කර තිබේ.

    ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා තවදුරටත් මෙලෙස අදහස් පලකළා. “මගීන් අසුන්වල පමණක් ප්‍රවාහනය කිරීම සඳහා පසුගිය කාලයේ බස්රථවල යම් ගාස්තු සංශෝධනයකුත් කරලා දුන්නා.

    නමුත් සමහර මාර්ගවල අධික ලෙස මගීන් රැගෙන යන බවට තවමත් පැමිණිළි ලැබෙමින් පවතිනවා.

    අපි ලිඛිතව දැනුම්දීලා තියෙනවා එහෙම කරන බස්රථ වහාම අත්අඩංගුවට ගෙන නිරෝධායන නීති යටතේ කටයුතු කරන්න කියලා.

    ඒ වගේම අපි උපදෙස් දුන්නා සෑම ගමන්වාරයක් ආරම්භයේදීම බස් දෙකක් ධාවනය කරන්න,” යනුවෙන් ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

    Latest News