සම්පායෝ ඇතුළු 7කට නීතිපති නඩු පවරයි

දෙසැ 02, 2020

    තහනම් භාණ්ඩ මීගමුව බන්ධනාගාරයට ගෙන ඒම සඳහා කුමන්ත්‍රණය කිරීම, ව්‍යාජ ලියකියවිලි සකස් කිරීම ඇතුළු චෝදනා යටතේ, එම බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබේ.

    මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරිවරයාට අමතරව, ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරීන් 04 දෙනෙකුට සහ රැඳවියන් දෙදෙනෙකුට එරෙහිව ද නීතිපතිවරයා මෙලෙස නඩු පවරා ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළාය.

    Latest News