මහනුවර පළමු කොරෝනා මරණය ඊයේ වාර්තා විය

දෙසැ 01, 2020

    කොළොන්නාවේ සිට ගලහ දක්වා පෞද්ගලික වාහනයකින් පැමිණ සිට අතරදි අසනීප තත්වයක් මත පේරාදෙණිය රෝහලට ඇතුළත් කරන විටදීම මියගොස් සිටි පුද්ගලයාට කෝවිඩ් 19 ආසාදනය වී ඇති බව පී.සී.ආර් පරීක්ෂණ මගින් ඊයේ (30) තහවුරු වූ බව පේරාදෙණිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.

    රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටීම හේතුවෙන් වෛද්‍යවරු පී.සී.ආර් පරීක්ෂණයකට මළ සිරුර යොමුකර ඇති අතර එම වාර්තාවට අනුව එම පුද්ගලයාට කොවිඩ් ආසාදනයවී තිබෙන බව ද අධ්‍යක්ෂවරයා පැවසීය.

    මෙම පුද්ගලයා ඔහුගේ බිරිඳ සමඟ කොළොන්නාවේ පදිංචි දියණියගේ නිවසට සැප්තැම්බර් මස 26 වැනිදා ගොස් තිබෙන අතර සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ඔවුන් 27 වැනිදා පෞද්ගලික වාහනයකින් යළි නිවස බලා එමින් සිටියදී ඔහුට අසනීපවී පේරාදෙණිය රෝහලට රැගෙන විත් තිබෙන බව පොලිසිය පවසයි.

    මරණයට පත්වූ 73 හැවිරිදි පුද්ගලයා ගලහ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන බවත්, මෙය මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රථම කොවිඩ් මරණය වන බවත්, මියගිය පුද්ගලයාගේ බිරිඳ ඇතුළු ළඟම ආශ්‍රිතයින් නිරෝධායනයට යොමුකළ බවත් සෞඛ්‍ය අංශ පවසයි.

    Latest News