වරාය නගරය ඉන්දීය සාගරයේ මූල්‍ය මධ්‍යස්ථානය වන බව චීනය පවසයි

නොවැ 20, 2020

    කොළඹ වරාය නගරය ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ මූල්‍ය මධ්‍යස්ථානය බවට පත්වීමට ඉවහල් වන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (17) ‍පාර්ලිමේන්තුවට නව අයවැය ඉදිරිපත් කරමින් පැවසුවේ කොළඹ වරාය නගරය වෙනුවෙන් රජය විශේෂ ආර්ථික කලාප නීතිමය රාමුවක් සකස් කරන බවයි.

    කොළඹ වරාය නගරයේ යහපත් ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමෙන් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගන්නා බව මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

    කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වෙනුවෙන් නීතිමය සහතික හා සහන ප්‍රතිපත්ති සැකසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ සක්‍රීය ප්‍රකාශය චීනයේ ප්‍රසාදයට ලක් වන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Zhao Lijian මහතා 19 පැවති දෛනික මාධ්‍ය හමුවේදී පැවසීය.

    කොළඹ වරාය නගරය, චීනය හා ශ්‍රී ලංකාව පොදුවේ සංවර්ධණය කරන එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලේ වැදගත් ව්‍යාපෘතියකි.

    එය ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධනයට ප්‍රබල ගාමක බලවේගය එක් කරන අතර ඉන් ශ්‍රී ලංකාව‍ට ඉන්දීය සාගරයේ මූල්‍ය හා වාණිජ මධ්‍යස්ථානය ගොඩනැගීමේ අපේක්ෂාව ඉටු කිරීමට උපකාරී වන බව Zhao Lijian මහතා කියා සිටියේය.

    Latest News