කැබිනට් තීරණ (වීඩියෝ)

නොවැ 17, 2020
  • කැලණි ගඟ දකුණු ඉවුර ජල යෝජනා ක්‍රමය හෙට (18) විවෘත කරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    ඔහු ඒ් පිළිබඳ අදහස් පළ කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී. රජය අසමත්යැයි විපක්ෂය කරන චෝදනා පදනම් විරහිත බව මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසීය.

    ශ්‍රී ලංකාව සඳහා ඒ්කීය ඩිජිටල් අනන්‍යතා රාමුවක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ් යටතේ ඒක් සංරචකයක් වශයෙන් විද්්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මෙය ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඒක්ව ක්‍රියාත්මකකරන්නක්. යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින්.

    බහුකාර්ය සංවර්ධන කාර්ය සහයකවරුන් ලක්ෂයක් බඳවා ගැනීමේ ක්‍රියාවලිය මේ වනවිට සිදු කෙරෙමින් පවතී. මෙලෙස බඳවා ගනු ලබන සියලු දෙනා ක්ෂේත්‍ර 25ක් ඔස්සේ මාස 6ක පුහුණුවකට යොමු කෙරේ. ඒය ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියට පැවරීමට ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    රාජ්‍ය අංශයේ සේවක ආරවුල් විසඳීම සඳහා බේරුම්කාර යාන්ත්‍රණයක් හඳුන්වාදීමට ද කැබිනට් අනුමැතිය හිමිවිය. ඒ් සඳහා දැනට පෞද්ගලික අංශයේ සේවක ආරවුල් විසඳීම සඳහා අනුගමනය කරන බේරුම්කාර ක්‍රියාවලියට සමාන ක්‍රමවේදයක් හඳුන්වාදීමට කමිටුවක් පත් කෙරේ. මෙය රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ යෝජනාවක්.

    මාන්තායි සෝල්ට් ලිමිටඩ් සමාගම් නාමය ජාතික ලුණු සමාගම වශයෙන් සංශෝධනය කිරීමටත්, උතුරු පළාතේ පිහිටි රජය සතු සියලුම ලුණු ලේවායන්හි අයිතිය පරිපාලන කටයුතු හා මෙහෙයුම් ජාතික ලුණු සමාගම යටතට පැවරීමටත් කැබිනට් අනුමැතිය හිමි විය. මෙය අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ යෝජනාවක්.

    Last modified on අඟහරුවාදා, 17 නොවැම්බර් 2020 20:08

    Latest News