දේශීය ආර්ථිකය නැංවීමට 2021 අයවැයෙන් සහන රැසක් (වීඩියෝ)

නොවැ 17, 2020
  • දේශීය ආර්ථිකය නැංවීමට අදාළ සහන රැසක් 2021 වසර සඳහා ඉදිරිපත් කෙරුණු අය-වැයට ඇතුලත්. සරල බදු ක්‍රමයක් හා බදු සහන ලබාදීම, තොරතුරු තාක්ෂණය කෙරෙහි වැඩි ඉඩ ප්‍රස්ථා සැලසීම සහ කෘෂි කර්මාන්තයට සහන සලසා තිබීම විශේෂත්වයක්.

    දීර්ඝ කාලීන ඉල්ලීමක් වූ වතු කම්කරු වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම ද අය වැය යෝජනාවට ඇතුලත්. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රජය සරල බදු ක්‍රමයක් 2020 ජනවාරි සිටම හඳුන්වා දුන්නේය. ඒම සරල බදු ක්‍රමය ඉදිරියටත් ක්‍රියාත්මකයි. ඔන් ලයින් බදු පරිපාලනය ක්‍රියාත්මක කර ඇති බැවින්, ඒතෙක් දේශීය ආදායම් බදු දොපර්තමේන්තුව ක්‍රියාත්මක කළ ආර්ථික සේවා ගාස්තු, ජාතිය ගොඩනැගීමේ බද්ද වැනි බදුවලට අදාල හිඟ බදු, ගෙවන්නන්ගේ මූල්‍ය හැකියාව පදනම් කරගත් අවසන් හා පූර්ණ විසඳුමක් වශයෙන් සහන බදු ගෙවීමකට යටත්ව අදාල ලිපිගොනු වසා දැමීමට මෙවර අය-වැයෙන් යෝජනා කර තිබේ.

    බදු අභියාචනා කඩිනමින් විසඳීම සඳහා විශේෂ බදු අභියාචනා උසාවියක් ඇති කිරීමට ද යෝජනා කර තිබේ. පුද්ගල ආදායම් බද්ධ ක්‍රියාත්මක වන්නේ, වැටුප්, පොලී, කුලී, වෙනත් ආදායම් ප්‍රභවන්ගෙන් මසකට රුපියල් දෙලක්ෂ පනස් දහසකට වැඩි ආදායම් ලබන්නන් සඳහායි.

    උපයන විට බදු ගෙවීම් පොලී මත රඳවා ගැනීම අහෝසි කර තිබේ. ඉදිරි වසර 5 තුළ කෘෂිකර්ම, සත්ව හා ධීවර කටයුතුවලින් ලැබෙන ආදායම් බදුවලින් නිදහස්.

    තොරතුරු තාක්ෂණය ආශ්‍රීත දේශීය හා විදේශීය ඉපැයීම් මෙන්ම නේවාසික හෝ විදේශගතව උපයනු ලබන විදේශ ආදායම් ද, ආදායම් බදුවලින් නිදහස් කිරීම අය-වැය යෝජනාවයි.

    දැනට රාජ්‍ය බැංකුවල සමෘද්ධි බැංකුව විසින් තැන්පත් කරනු ලැබ ඇති මුදල්වලින් 90%ක ප්‍රමාණයක් සමෘද්ධිලාභීන්ගේ ආර්ථික හා ව්‍යාපාර දියුණු කිරීම සඳහා 7%ක පොලියකට ලබාදෙන නව සමෘද්ධි ව්‍යවසාය සංවර්ධන ණය යෝජනා ක්‍රමයක් ද, ක්‍රියාත්මක කෙරේ.

    සුබසාධන සමිති හා ආයතනවල පොලී ආදායම සඳහා පසුගිය රජය පැනවූ බදු නිදහස් කිරීමට ද, මෙවර අය-වැයෙන් යෝජනා කර තිබේ. දේශීය සමාගම් 2021 වසරේ දෙසැම්බර් 31ට පෙර කොළඹ කොටස් වෙළෙඳ පොලේ ලැයිස්තුගත වන්නේ නම්, ඒම සමාගම්වලට 50%ක බදු සහනයක් ලබාදීමට ද යෝජනා කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 17 නොවැම්බර් 2020 20:02

    Latest News