ඩ්‍රෝන මගින් ජනතාව දැඩිව නීරික්ෂණය කිරීමට මෙහෙයුම්

නොවැ 16, 2020

    කොළඹ දිස්ත‍්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය සහ වේල්ල වීදිය යන පොලිස් වසම් අද අලූ‍යම 5.00 සිට හුදකලා කෙරුණා.

    ඒ කොළඹ දිස්ත‍්‍රික්කයේ මේ වනවිට හුදෙකලා කර ඇති පොලිස් වසම් 12ට අමතරවයි.

    ඒ අනුව මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන, ග‍්‍රෑන්ඞ්පාස්, වෙරළබඩ පොලිස් වසම, ආදුරුප්පු වීදිය, මාලිගාවත්ත, දෙමටගොඩ, වැල්ලම්පිටිය, කෙසෙල්වත්ත සහ බොරැල්ල යන පොලිස් වසම් තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතිනවා.

    එමෙන්ම කොළඹ මහ නගර සීමාවේ ඇති මෙත්සද සෙවණ, මිහිජය සෙවණ, දෙමටගොඩ සිරිසඳ සෙවණ, මාලිගාවත්ත එන් එච් එස් මහල් නිවාස සංකීර්ණ ද තවදුරටත් පවතින්නේ හුදකලා තත්ත්වයේයි.

    මේ අතර, ගම්පහ දිස්ත‍්‍රික්කයේ කැලණිය පොලිස් වසම ද අද අලූ‍යම 5.00 සිට හුදෙකලා ප‍්‍රදේශයක් ලෙස නම් කර තිබෙනවා.

    එම දිස්ත‍්‍රික්කයේ මීගමුව , ජා - ඇල, රාගම, කඩවත, වත්තල සහ පෑලියගොඩ පොලිස් වසම්ද තවදුරටත් හුදෙකලා තත්වයේ පවතිනු ඇති.

    පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ හුදෙකලා කර ඇති පොලිස් වසම් 24 හි සංචරණ සිමාවන් සහ නිරෝධායන රීතීන් කඩ කරන්නන් සොයා ගුවනින් මෙහෙයුම් අද සිට යළි සිදු කෙරෙන බවයි.

    හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යා හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

    මේ අතර බස්නාහිර පළාතෙන් පිටත ප‍්‍රදේශ වලට ගමන් කිරීමට පනවා තිබූ තහනම ද මේ වනවිට ඉවත් කර තිබෙනවා.

    Latest News